දේශීය

වේවැල්වලින් පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වූ දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද

(UTV | කොළඹ) – අමනුෂ්‍ය දෝෂයක් ඇති බව පවසා ප්‍රතිකාර ගැනීමට ගිය 09 හැවිරිදි දැරියක වේවැල් පහරකෑම්වලින් පසු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින කාන්තාවන් දෙදෙනා අද මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

පොලිසිය සඳහන් කළේ, අදාළ ශාන්තිකර්මය අතරතුර අදාළ දැරියට වේවැල්වලින් සිදුකළ පහරදීම් හේතුවෙන් දැරිය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

දැරියගේ මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (01) දින රාගම රෝහලේ දී පැවැත්වීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

දැරියට පැය 05 කට අධික කාලයක් පුරා වේවැල්වලින් පහරදී ඇති අතර එම අවස්ථාවේදී සිහිසුන්වී ඇති දැරිය රෝහල් ගතකිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබූ බව පොලිසිය සඳහන් කළේය.

එමෙන්ම අදාළ කාන්තාව මාස 03 ක පමණ කාලයක සිට මෙවැනි අවිධිමත් ප්‍රතිකාර පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

 

 

 

Related posts

නව රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි

Mohamed Dilsad

ප්‍රදේශ රැසකට මි.මී. 150ට වැඩි තද වැසි

Mohamed Dilsad

අද දින සමස්ත ආසාදිතයින් 268 ක්

Mohamed Dilsad

Leave a Comment