විදෙස්

පියයුරු පිළිකා හඳුනා ගැනීමට විශේෂ තනපටක්

(උදයම්,ඇමෙරිකාව)  – පියයුරු පිළිකා කල්තියා හඳුනා ගැනීමේ හැකියාවක් සහිත විශේෂ තනපටක් නිෂ්පාදනය කළ බව මෙක්සිකෝවේ නව යෞවනයෙක් පවසයි.

18 හැවිරිදි ජුලියන් රියෝස් කන්ටූ සිය මිතුරන් තිදෙනාගේ ද සහය ඇතිව නිපදවන ලද මෙම තනපටය නම් කර ඇත්තේ ‘ඉවා බ්‍රා’ නමිනි.

පිළිකාවක් ඇතිවීමට හේතුසාධක විය හැකි වෙනස්වීමක් පියයුර තුළ ඇතිවේනම් ඒ පිළිබඳව අනතුරු ඇඟවීමේ හැකියාවක් මෙම තනපටයට ඇති බව ඔවුහු පවසති.

තවමත් මූලාකෘතියක් වශයෙන් පමණක් පවතින මෙම නිෂ්පාදනයට, ශිෂ්‍ය ව්‍යවසායකයන් සඳහා වන ලෝක සම්මාන උළෙලේ පළමු ත්‍යාගය හිමි විය.

මෙම තනපට අත්හදා බැලීමේ මට්ටමට ගෙන ඒම සඳහා අවශ්‍ය මුදල මේවනවිටත් තමන්ට ලැබී ඇති බව එය නිපදවූ ශිෂ්‍යයෝ පවසති.

Related posts

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 44 ඉක්මවයි

Mohamed Dilsad

දූවිලි කුණාටුවකින් ඉන්දියාවේ 70 කට වැඩි පිරිසක් මරුට

Mohamed Dilsad

95% ක් සාර්ථක කොවිඩ් එන්නතක් සොයා ගැනේ

Mohamed Dilsad

Leave a Comment