ව්‍යාපාරික

දඹුල්ලේ එළවළු කිලෝ ලක්ෂ 27 ක් ගොඩ ගැසෙයි

(UTV |දඹුල්ල) – දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දිවයිනේ නන් දෙසින් රැගෙන එනු ලැබූ එළවළු කිලෝ ලක්ෂ 27 ක් පමණ අද උදේ 11 වන විට ගොඩ ගැසී ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.

ඊයේ සවස බස්නාහිර පළාත්ට ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ වෙළෙන්දන් දඹුල්ලට නොපැමිණීමත් සමඟ මෙම එළවළු තොග විකුණාගත නොහැකි තත්වයක් මතුව තිබේ.

ඊයේ දිනය පුරා ලංකාවේ විවිධ ප්‍ර දේශවලින් නෙළු අස්වැන්න දඹුල්ලට රැගෙන විත් තිබේ.  ගොවින් වැඩි වශයෙන්ම අස්වැන්න නෙළා ඇත්තේ ඇඳිරි නීතිය පැවති දින කිහිපයකට පසුව බස්නාහිර පළාතේ එළවළු සඳහා ඇති විය හැකි ඉහළ ඉල්ලුම ඉලක්ක කර ගනිමිනි.

රජය කිසිදු සැලසුමක් නොමැතිව, හිතු මනාපයේ ඇඳිරි නීතිය පැනවීමත්, සැපයුම් ජාල කලමනාකරණය සඳහා කිසිදු වැඩ පිළිවෙලක් නොමැතිවීමත් හේතුවෙන් මෙම තත්වය උදාවී ඇත.

මාර්තු මාසයේ ද රට පුරා ඇඳිරි නීතිය පැනවීමත් සමඟම මාතලේ හා දඹුල්ලේ එළවළු විකුණා ගැනීමට නොහැකිව ගොවින් අන්ත අසරණ භාවයට පත් වී ඇති බවද වාර්තා වේ.

Related posts

කොටස් වෙළඳපොළ ලැයිස්තුගත රීති සංශෝධනය කෙරේ

Mohamed Dilsad

කාර්මික නිෂ්පාදන දර්ශකය ඉහළට

Mohamed Dilsad

නව නිදහස් වෙළඳ කලාප 4ක්

Mohamed Dilsad

Leave a Comment