දේශීය

කොරෝනා නිසා රිජ්වේ ආර්යා ළමා රෝහල සහ මහරගම පිළිකා රෝහලෙන් දැනුම් දීමක්

(UTV |කොළඹ) – රට තුළ පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් රෝගීන් බැලීම සඳහා අමුත්තන් පැමිණීම සීමාකර ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහල සහ මහරගම පිළිකා රෝහල නිවේදනය කරයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ සහ මහරගම පිළිකා රෝහලේ සියලුම රෝගී සත්කාරක සේවාවන් සඳහා විවෘතව පැවතිය ද රෝගීන් බැලීම සඳහා අමුත්තන් පැමිණීමේ වේලාවල් සීමා කිරීමට පියවර ගෙන තිබේ.

රෝගීන් බැලීම සඳහා දිනකට එක්වරක් පමණක් පැමිණෙන ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සඳහන් කරයි.

වෙනදා මෙන් පැයක පමණ කාලයක් රෝගියා සමග රැඳී නොසිටින ලෙසද ඉල්ලීමක් කරයි.

අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා සඳහන් කළේ රෝහල් සායනවල පිරිස් අඩු කිරීම සඳහා මේ වනවිට පියවර ගෙන ඇති බවය.

රෝහලේ ප්‍රතිකාර ගන්නා රෝගීන් බැලීමට දිනක් තුළ එක් අමුත්තෙකුට පමණක් පැමිණීමට අවස්ථාව දී ඇති බවත් රෝගියාට ලබාදෙන ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම නවතා ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Related posts

සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක්

Editor O

ආනයනික කිරිපිටි මිල ගණන්වල වෙනසක්

Mohamed Dilsad

ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment