දේශීය

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම යළිත්

(UTV | කොළඹ) – කොරෝනා හේතුවෙන් විදේශ රටවල සිරවී සිටින පුද්ගලයින් ලබන සතියේ සිට යළි මෙරටට රැගෙන ඒමට විදේශ කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

එම අමාත්‍යාංශ්‍යය සඳහන් කළේ, දිවයිනේ කොරෝනා ව්‍යාප්තියත් සමග මේ වනවිට එම කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

ගුවන් භාණ්ඩ රැගත් ගුවන් යානා මගින් දැනට විදේශ රටවල සිටින පුද්ගලයින් විටින් විට මෙරටට රැගෙන ඒමට පියවර ගෙන තිබේ.

විදේශ රටවල සිරවී සිටින පුද්ගලයින් 54,000 ක් මෙරටට රැගෙන ඒමට නියමිතව ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, රටවල් 122 කට අයත් පුද්ගලයින් 43,550 ක් මේ වනවිට මෙරටට රැගෙන විත් ඇති බවයි.

Related posts

අද තවත් කොරෝනා මරණ දෙකක්[RELEASE]

Mohamed Dilsad

ආසාදිතයින් 485 දෙනෙකුට සුවයි

Mohamed Dilsad

හිරුණිකා ට එරෙහි නඩුව ගැන මහාධිකරණය ගත් තීරණය

Mohamed Dilsad

Leave a Comment