දේශීය

පොලිස් නිලධාරීන් 21 කට ස්ථාන මාරුවීම්

(UTV | කොළඹ) – නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙක්, වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, පොලිස් අධිකාරිවරයෙක්, සහකාර පොලිස් අධිකාරුවරුන් 10 දෙනෙක් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 6 දෙනෙක් සඳහා ස්ථාන මාරු ලබා දී ඇත.

පොලිස් මූලස්ථානය ප්‍රකාශකර සිටියේ සේවා අවශ්‍යතාව මත පොලිස් කොමිසමේ අනුමැතිය අනුව එම ස්ථාන මාරු සිදුකර ඇති බවයි.

ඒ අනුව කෑගල්ල දිසාව කොට්ඨාසය බාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ඒ. එච්. එම්. ඩබ්. සී. කේ අලහකෝන් මහතා මහනුවර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, කුරුණෑගල දිසාව බාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ජී. එම්. එච්. බී. සිරිවර්ධන මහතා පොලිස් මූලස්ථානයේ පොලිස්පතිගේ මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, පොලිස්පතිගේ මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති කටයුතු කළ  නියෝජ්‍ය පොලිස්පති ඩී. පී. වන්ද්‍රසිරි මහතා කෑගල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත් මාරුකර යවා තිබේ.

 

Related posts

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට සහතිකයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ 4 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කරයි

Editor O

Leave a Comment