දේශීය

රාජ්‍ය බැංකු හතරේ අක්‍රමිකතා සෙවීමට කමිටුවක්

(UTV | කොළඹ) –  පසුගිය වසර 5 තුළ රාජ්‍ය බැංකු හතර තුළ සිදුවූ අක්‍රමිකතා, ඵලදායි නොවූ ක්‍රියා සහ අරමුණුවලට පටහැනිව කටයුතු කළ අවස්ථා සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කර ඇත.

කොවිඩ් 19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුහුණදෙන අභියෝග ජය ගැනීම සඳහා රාජ්‍ය බැංකු හතර සහ ඊට අනුබද්ධ ආයතනවල 2015 ජනවාරි 8 වනදායින් පසු සිදුව ඇති අක්‍රමිකතා සහ ඵලදායි නොවූ ක්‍රියාවන් මෙන්ම, ගණුදෙනු විධිමත්ව අධ්‍යයනය කිරීමට මෙම සිව් පුද්ගල කමිටුව පත්කර තිබේ.

හිටපු මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනුු ලබයි.

මාස 3 ක් ඇතුළත ඉදිරිපත් කරනු ලබන නිර්දේශ සහිත වාර්තාව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මගින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙනු ඇති.

Related posts

කොළඹ සිට තලේමන්නාරම දක්වා දුම්රිය ධාවනය කලකට පසු ඇරඹේ.

Editor O

දැඩි වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක 4 කට තවදුරටත් නායයෑමේ අවධානම

Mohamed Dilsad

රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කෙරෙයි

Mohamed Dilsad

Leave a Comment