දේශීය

නිරෝධායනය අවසන් කල තවත් නාවිකයින් පිරිසක් පිටව යයි

(UTV | කොළඹ ) – ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායනය අවසන් කල තවත් නාවික සෙබලුන් 27 දෙනෙකු ඉන් පිටත්ව ගොස් තිබේ.

වැලිසර නාවික කඳවුරේ නාවිකයන් පිරිසක් මෙලෙස පිටත්ව ගොස් ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ කියාසිටියේය.

මේ අනුව ගුවන් හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ඉරණමඩු සහ මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වන කිසිවෙකුත් මේ වනවිට නොමැති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එහෙත් ලෙබනනයේ සිට පැමිණි 100 දෙනෙකු පළාලි නිරෝධායන මධ්‍යස්ථානයේත් මැද පෙරදිග සිට පැමිණි තවත් 151 දෙනෙකු වන්නි නිරෝධායන මධ්‍යස්ථානයේත් නිරෝධායනය වෙමින් සිටින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ කියාසිටියේය.

Related posts

බස්නාහිර පළාත නිරීක්ෂණයට පොලිස් නිලධාරීන් 10,000 ක්

Mohamed Dilsad

සජිත් – මෛත්‍රී අතර විශේෂ හමුවක්

Mohamed Dilsad

නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment