දේශීය

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 64000 ඉක්මවයි

(UTV | කෝවිඩ්-19) – ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 64,387 ක් බවට පත්ව තිබේ.

මෙම පිරිස පසුගිය මාර්තු 20 වනදා සිට අද පෙරවරු 6 දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

මෙම කාලසීමාවේදී පොලිස් භාරයට ගෙන ඇති සමස්ත වාහන සංඛ්‍යාව 18,169 කි.

ඊයේ (24) පෙරවරු 6 සිට අද අලුයම 6 දක්වා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් ගණන 1710 ක් වන අතර වාහන 557 ක්ද එම කාලසීමාවේදී පොලිස් භාරයට ගෙන තිබේ.

මේ අතර පසුගිය මාර්තු 18 වනදා සිට අද පෙරවරු 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව නඩු 20, 497 ක් පවරා ඇත.

දඩුවම් නියම කර ඇති සංඛ්‍යාව 7934 ක් බව පොලිසිය නිකුත් කල නිවේදනයක දැක්වේ.

Related posts

ආශු මාරසිංහ අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් තනතුරට

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තවත් අයෙක් අත්ඩංගුවට

Mohamed Dilsad

හෙරොයින් කිලෝ 290යි ග්‍රෑම් 200ක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු කොටු වෙයි

Mohamed Dilsad

Leave a Comment