දේශීය

හෙට සිට උසස් පෙළ සඳහා පාසල් වෙත අයදුම් කිරීම online ක්‍රමයට

(UTV| කොළඹ) – මෙම වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට නියමිත සිසුන්ට ඒ සඳහා මාර්ගගත (online) ක්‍රමයට අයදුම් කිරීම සඳහා හෙට (12) සිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අවස්ථාව ලබාදී ඇත.

ඒ අනුව, www.info.moe.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස, උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට අපේක්ෂිත සිසුන්ට ඒ සඳහා අයදුම් කළ හැකි බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

එක් අයදුම්කරුවෙකුට පාසල් දහයක් දක්වා අයදුම්පත් යොමු කළ හැකි අතර සියලුම අයදුම්පත් ජුනි මස 12 වැනිදාට පෙර යොමු කළ යුතුව ඇත.

Related posts

එජාපයෙන් නව පක්ෂයට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

මොරටුව ප්‍රදේශයට හෙට ජල සැපයුම අඩාල වෙයි

Mohamed Dilsad

රියදුරු බලපත්‍රය වෙනස් කිරීමේ තීරණයක්

Editor O

Leave a Comment