දේශීය

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි

(UTV | කොළඹ) – හෙට (04) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර ඇත.

කොරෝනා වෛරස් මර්දනයට අත්‍යවශ්‍ය නීති සති දෙකක් තුල සකස් කරදෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම්දීමට අද පස්වරුවේ රැස්වූ සංගමයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර තිබේ.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් යෝජනා කළ සියලු දීමනා ප්‍රතික්ෂේප කිරීමට ද මෙහිදී එකඟතාව පළවී ඇත.

දිවයින පුරා සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දිනක වැටුප කොරෝනා නිවාරණ ජාතික අරමුදලට පරිත්‍යාග කිරීමට ද තීරණය කළ බව ඔවුන් නිවේදනය කරයි.

Related posts

වැලි ජාවාරමක් වැටලීමට ගිය කොස්තාපල්වරයෙකු ටිපර් රථයකට යට කර ඝාතනය කෙරේ

Mohamed Dilsad

පාලකයින් හිතුමතේ ජනතාව හාමනේ

Mohamed Dilsad

මංගල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට

Mohamed Dilsad

Leave a Comment