දේශීය

ඇඳිරි නීති බලපත්‍ර නැති අයව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට

(UTV | කොළඹ) – ඇඳිරි නීති බලපත්‍ර නොමැතිව මහා මාර්ග හා අතුරු මාර්ග වල ගමන් ගන්නා සියලූම තැනැත්තන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්නා බව පොලිසිය පවසයි.

තම සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් වශයෙන් භාවිතා කිරීමට අවසර ලත් තැනැත්තන් හා එම වාහන හැර අනෙක් සියල්ලන්ටම මෙය වලංගු වෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා අවධාරණය කළේ ඔවුන්ට එරෙහිව නිරෝධායන රෙගුලාසි යටතේ සහ අපරාධ නීතිය යටතේ නඩු පවරන බවයි.

අධිකරණයෙන් වැරදිකරු වුවහොත් ඔවුන්ට සිර දඬුවමකට සහ දඩයකට ද යටත් වීමට සිදුවන බව වැඩිදුරටත් වාර්තා වෙයි.

Related posts

පොලිස්පති ධූරයට, පොලීසියේ සීතල සටනක්

Editor O

සියලුම රජයේ පාසල් 20 වනදා තෙක් වැසේ

Mohamed Dilsad

මෙරට කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment