දේශීය

ඉන්ධන අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන්න – IOC බෙදුම්කරුවන්

(UTV | කොළඹ) – රට පුරා ඉන්ධන බෙදාහැරීම නතර කිරීමට සුදානම් බව ලංකා IOC බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

ඔවුන් ඉල්ලා සිටින්නේ ඉන්ධන අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට පාරිභෝගික අධිකාරිය කටයුතු කළයුතු බවයි.

එම සංගමයේ සභාපති කෝසල විදානාරච්චි ප්‍රකාශ කළේ, ඉන්ධන අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම ජනාධිපතිගේ, අගමැතිගේ හෝ ආණ්ඩුවේ ක්‍රියාවලියක් නොවන අතර එහි බලය පවතින්නේ පාරිභෝගික අධිකාරියට බවයි.

මේ පිළිබඳ මීට පෙර කිහිපවතාවක්ම අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කළද මීට පෙර ‘ලාෆ්’, ‘ලිට්රෝ’ ගෑස් එකම මිලට නියාමනය කර අත්‍යවශ්‍ය සේවාවක් කළ නිසා එය සාර්ථක වූ අතර ඉන්ධන යනු ඊටත් වඩා අත්‍යවශ්‍ය සේවාවක් බව බලධාරීන් අමතක නොකළ යුතු බවද ඔහු අවධාරණය කරයි.

 

Related posts

අද පැය 5ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

දියේ ගිලීමෙන් දරුවන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු මරුට

Mohamed Dilsad

මෙරට රත්තරන් මිල නැවතත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment