විදෙස්

ඉරාන රජයට එරෙහි විරෝධතා උග්‍ර අතට

(UTV | ඉරානය) – ඉරාන රජයට එරෙහි අඛණ්ඩව දෙවන දිනටත් ක්‍රියාත්මක වන විරෝධතා අතරතුර ගැටුම් හටගෙන තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ මෙම විරෝධතා ටෙහෙරාන් අගනුවර ඇතුළු නගර රැසක පැවැත්වෙන බවයි.

පුද්ගලයන් 176 දෙනෙකු රැගත් ගුවන් යානයක් මිසයිල ප්‍රහාරයකින් අනතුරට පත්වීම මෙලෙස විරෝධතා පැවැත්වීමට හේතුවයි.

විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ තම සතුරා ඇමෙරිකාව බව නායකයන් පැවසුවත් සතුරා සිටින්නේ තම රට තුළ බවයි.

මිට අමතරව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉරාන විරෝධතාකරුවන්ට සහාය දක්වා තිබුණි.

මෙම විරෝධතාකරුවන් සංහාරයක ගොඳුරක් බවට පත්නොවිය යුතු බවත් ඉරානය දෙස ලොවම බලා සිටින බවත් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

රුසියාවෙන් ලොවටම අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

ඇෆ්ගනිස්තානයට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් 26 ක් මරුට

Mohamed Dilsad

කාර්ටූම් අගනුවරට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් විසි දෙදෙනෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment