ප්‍රමුඛ පුවත 1

කොටුව – කන්කසන්තුරේ අතර දුම්රියන් 2 ක් ඉවතට

 

(UTV | කොළඹ) –  කොළඹ කොටුව හා කන්කසන්තුරේ අතර ධාවනය කෙරෙන දුම්රියන් දෙකක කාලසටහන් වෙනස්කර තිබේ.

ඒ අනුව, කොළඹ කොටුව හා කන්කසන්තුරේ අතර ධාවනය කෙරෙන අංක 87 සහ අංක 88 යන දුම්රියයන් මේ වන විට පරීක්ෂණ ගමන් වරයන් ලෙස ධාවනයේ යොදවා ඇති අතර , අදාළ දුම්රියයන් හි කාල සටහන් යථාවත් කිරීම සහ ඊට අඩු මගී ඉල්ලීමක් පවතින බැවින් ‍මේ මස 31 වනදායින් පසු ධාවනයෙන් ඉවත් කරනු ලැබේ.

එම දුම්රිය දෙක මින් පෙර ධාවනය කළ කොළඹ කොටුව, තලෙයිමන්නාරම අතර ධාවනයට නැවත එක් කරනු ලැබේ.

ජනවාරි 01 වනදා සිට රාත්‍රී 07.15 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන අංක 67 දරණ දුම්රිය පසුදා අළුයම 3.25 ට තලෙයිමන්නාරමට ලඟාවීමට නියමිතය.

එදිනම රාත්‍රී 08.25 ට තලෙයිමන්නාරමන් ගමන් ආරම්භ කරන දුම්රිය පසුදා අළුයම 04.40 ට කොළඹ කොටුවට ළඟා වීමට නියමිතව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සජිත්ට ⁣සහය දෙයි [VIDEO]

Mohamed Dilsad

ශ්‍රී ලංකාව බහරේන් රාජ්‍ය වෙත කරන ලද අපනයන ප්‍රමාණය ඉහළට

Mohamed Dilsad

දකුණු පළාත් සභා මන්ත්‍රි ක්‍රිෂාන්ත පුෂ්පකුමාර අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment