ප්‍රමුඛ පුවත 1

ස්විස් සිද්ධිය පිළිබඳ සෙවීමට එරට නිලධාරියෙකු දිවයිනට

(UTV | කොළඹ) – ස්විස් විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු , ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා මෙරටට පැමිණෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙලෙස ශ්‍රී ලංකාවේ හිටපු ස්විට්සර්ලන්ත තානාපති ජොග් ෆ්‍රිඩෙන් දිවයිනට එවීමිට කටයුතු කරන බව ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්ෂක සිද්ධිය පිළිබඳව පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ නායකත්වය යටතේ පැහැදිලි කිරීමේ හැකියාව සොයා බැලීමට හැකි බවද නිවේදනයක් නිකුත් කරමින් ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එරට විදේශ අමාත්‍ය ඉග්නාසියෝ කාස්සිස් සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් සම්බන්ධයන් දුරකථන සංවාදයක් ද පවත්වා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැති මාලදිවයින් සංචාරයකට සුදානම්

Mohamed Dilsad

මින්නේරිය වනජීවි කාර්යාලයේ සිටි රැඳවියෙකු පැහැර ගෙන යයි

Mohamed Dilsad

පාසැල් ළමුන් අටදෙනෙකු ප්‍රවාහනක කල ත්‍රිරෝද රථයක් අනතුරට

Mohamed Dilsad

Leave a Comment