ක්‍රීඩා

සාග් උළෙලේ දස්කම් පෑ ශ්‍රී ලංකා කණ්ඩායම මව් රටට

(UTV| කොළඹ) –  සාග් ඉතිහාසයේ වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද (11) පෙරවරුවේ දිවයිනට පැමිණියහ.

ශ්‍රී ලංකාව දිනූ මුළු පදක්කම් සංඛ්‍යාව 251 ක්.

මෙවර වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවක් දිනු ක‍්‍රීඩකයා මැතිව් අබේසිංහයි. ඔහු රන් පදක්කම් 07ක් දිනා ගැනීමට සමත් විය.

ඉන්දියාව අභිබවමින් ශ‍්‍රී ලංකාව මෙවර මලල ක‍්‍රීඩා රන් පදක්කම් 15 ක් වසර 28කට පසුව ලබාගැනීම ද මෙවර ඇති තවත් සුවිශේෂී සිද්ධියකි.

මළල ක‍්‍රීඩිකා ඩිල්ෂි කුමාරසිංහගෙන් රන් පදක්කම් 3 ක් ශ්‍රී ලංකාවට හිමිවන අතර වසර 15කට පසු ශ‍්‍රී ලංකාවට සාග් බොක්සිං රන් පදක්කමක්ද මෙවර ලංකාවට හිමිවිය.

පළමු වරට මල්ලව පොර ඉසව්වෙන්, ජූඩෝ, කාන්තා බැඩ්මින්ටන් යුගල ඉසව්වන් මෙන්ම කාන්තා මැරතන් ඉසව්වෙන්ද ශ්‍රී ලංකාවට රන් පදක්කම් හිමිවුයේ මෙවර වීම තවත් විශේෂත්වයක්.

මෙවර සාග් ක්‍රීඩා උළලේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වුණේ රන් පදක්කම් 40ක්, රීදි 83ක් සහ ලෝකඩ 128ක්ද සමගයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආසියානු කුසලානය සිංහයන්ට

Mohamed Dilsad

එක්දින පුහුණු තරගයක නායකත්වය උපුල් තරංගට

Mohamed Dilsad

ඉදිරි තරඟ සාර්ථකව කරන හැටි දික්වැල්ල කියයි

Mohamed Dilsad

Leave a Comment