ප්‍රමුඛ පුවත 1

ජනපතිගෙන් නව අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දීමක්

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ආකල්පමය වෙනසක් තුළින් කාර්යක්ෂම සහ විධිමත් රාජ්‍ය සේවයකට කැපවන ලෙස නව රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.

ඊයේ (09) ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය අමාත්‍යාංශ සදහා පත් කෙරුණු නව ලේකම්වරුන් තිස් දෙදෙනෙකු සියපත්වීම් ලිපි ලබා ගත්තේය.

රාජ්‍ය සේවය විධිමත්ව සහ කාර්යක්ෂමව ඉදිරියට පත්වාගෙන යාමේ දී නවීන තාක්ෂණය උපරිමයෙන් භාවිත කළ යුතු බව එහිදී ඔවුන් ඇමතූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

රාජ්‍ය සේවකයන්ට පුහුණු අවස්ථා විවෘත කරදීමට කටයුතු කරන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

අමාත්‍යාංශ මට්ටමින් නිසි ලෙස වගකීම් ඉටු කර වත්මන් රජය කෙරෙහි ජනතාව තැබු අපේක්ෂා සපුරාලීමට සියලු දෙනා වගකීමෙන් ක්‍රියා කරනු ඇතැයි ද ජනාධිපතිවරයා එහිදි විශ්වාසය පල කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සියලුම දිස්ත්‍රික්කවල ආරක්ෂක කමිටු රැස්කරන ‌ලෙස දිසාපතිවරුන්ට උපදෙස්

Mohamed Dilsad

ජනපති – විපක්‍ෂ නායක සමඟ සාකච්ඡාවකට සුදානම්

Mohamed Dilsad

රංජීත් සොයිසා ඇතුළු 04 ට ඇප..

Mohamed Dilsad

Leave a Comment