ප්‍රමුඛ පුවත 1

ලලිත් වීරතුංගගේ රට ගමන් තහනම ඉවතට [VIDEO]

(UTV | කොළඹ) – හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා වෙත පණවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට අභියාචනාධිකරණය අද (22) තීරණය කළා.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා වෙත පණවා තිබෙන විදේශ ගමන් තහනම ලබන මාර්තු මස 13 දක්වා ඉවත්කරන මෙන් අභියාචනාධිකරණය නියම කළා.

ලලිත් වීරතුංග මහතා විසින් කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව දීපාලි විජේසුන්දර සහ රුවන් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවා.

ලලිත් වීරතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට ජනාධිපතිවරයා සමඟ ඉන්දියාවේ සංචාරය කිරීම සඳහා ඇරයුමක් ලැබී තිබෙන බැවින් අදාළ කාල සීමාව සඳහා දැනට අධිකරණය මගින් පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලීමක් කෙරුනා.

මැතිවරණ සමයේ සිල් රෙදි බෙදාදීම සම්බන්ධ නඩුව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු ලලිත් වීරතුංග මහතාට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 3 ක සිර දඬුවම් සහ රුපියල් ලක්ෂ පනහක දඩයක් නියම කර ඇති අතර එම තීන්දුවට එරෙහිව විරතුංග මහතා විසින් අභියාචනාධිකරණය වෙත විශේෂ අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

Related posts

සති දෙකක් රට පුරා පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළක්

Mohamed Dilsad

මහින්දට එරෙහි පෙත්සම රනිල් පාර්ශවය ඉල්ලා අස් කරගනී

Mohamed Dilsad

ගලහ රෝහලේ නොසන්සුන් තත්ත්වය පාලනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment