ප්‍රමුඛ පුවත 1

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් ගමන් අද සිට

(UTV| කොළඹ)  –  යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපපළේ ගුවන් ගමන් සේවා අද (11) සිට සිවිල් ජනතාව වෙනුවෙන් ආරම්භ කරන බව ගුවන් තොටුපළ බලධාරීන් පවසයි.

ඒ අනුව සතියට දින තුනක් ගුවන් ගමන් සේවාවන් සිදුකිරීමට නියමිත අතර සඳුදා, බදාදා, සහ සෙනසුරාදා යන දිනයන් හිදී ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක වන බව ගුවන්තොටුපල බලධාරීන් සඳහන් කරයි.

‍ඉන්දියාවේ චෙන්නායි සිට උදැසන 10.35 ගුවන් යානාය යාපනය බලා පිටත්වීමට නියමිත අතර, නැවත අදාළ ගුවන් යානය යාපනය සිට සවස 2.10 ට චෙන්නායි දක්වා ගමන් කිරීමට සුදානම් කොට ඇත.

යාපනය සිට චෙන්නායි දක්වා එක් ගුවන් ගමන් සේවාවක් වෙනුවෙන් රුපියල් 12,990 ක් අය කිරීමට නියමිත බවද ගුවන් තොටුපොළ නිළධාරීන් පැවසීය.

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපපළ පසුගිය ඔක්තෝම්බර් මස 17 වෙනිදා විවෘත කරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මිලියන 24ක හෙරොයින් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

‘ පරිසරය අපිරිසිදු වන සේ කසල බැහැර කරන ඕනැම පුද්ගලයෙකුට දැඩි පියවර’ ඇමති ෆයිසර් මුස්තාෆා

Mohamed Dilsad

වලපනේ නායයෑමට හේතු වූ ගල් කොරියේ බලපත්‍රය අහෝසි කිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment