ප්‍රමුඛ පුවත 1

දෙමළ ජාතික සන්ධානයේ තීරණය අද

 

(UTV | කොළඹ) – ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන සෙසු පක්ෂවල සහය ලබාදෙන්නේ කුමන අපේක්ෂකයාට ද යන්න අද (04) තීරණය කරන බව එම සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් ප්‍රකාශ කර තිබේ.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසුව සුමන්දිරන් මන්ත්‍රිවරයා සඳහන් කළේ දෙමළ ජාතික සන්ධානයේ තීරණය ප්‍රකාශයට පත් කිරීම සඳහා එහි නායක ආර්. සම්බන්ධන්ට බලය පැවරූ බවයි.

පක්ෂ 5 ක එකමුතුවකින් ආරම්භ කෙරුණු දෙමළ ජාතික සන්ධානය, මේ වනවිට නියෝජනය කරන්නේ ඉලංගෙයි තමිල්අරසු, ටෙලෝ සහ ෆ්ලොට් සංවිධානය පමණි.

දෙමළ පක්ෂ සහය පළ කරන්නේ කුමන අපේක්ෂකයාට ද යන්න මෙතෙක් තීරණය කර නොතිබුණු අතර පසුගිය දා ජනාධිපති අපේක්ෂකයන් වෙත යෝජනාවලියක් ඉදිරිපත් කර තිබිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උත්තර දේවි ගමනට ජනපතිත් එක්වෙයි..

Mohamed Dilsad

කොරෝනා පිලිබඳ දැනගැනීමට දුරකථන අංක 2ක් [PRESS RELEASE]

Mohamed Dilsad

සටන් කල යුත්තේ දිනාගත් අයිතීන් රැකගැනීමටයි – පුබුදු ජාගොඩ

Mohamed Dilsad

Leave a Comment