ප්‍රමුඛ පුවත 1

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අද විවෘත වෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලාංකේය සිවිල් ගුවන් ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක් කරමින් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරීම අද (17) පෙරවරුවේ සිදුකිරීමට නියමිතයි. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රාජ්‍ය උත්සවය ආරම්භ වන අතර , මෙම අවස්ථාව සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ , ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා ඇතුළුව සම්භාවනීය අමුත්තන් රැසක් එම අවස්ථාවට එක් වේ.

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ උතුරු පළාත මුල් කරගනිමින් සමස්ත ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දීය කලාපයේ ගුවන් ප්‍ර‍වාහනයේ අනගි අවස්ථාවක් වනු ඇති බවයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ.

යාපනය පලාලි ගුවන් තොටුපළ සංවර්ධනයට දැනට ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 2250ක් වේ. ඒ සඳහා ශ්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 1,950ක් සහ ඉන්දීය ආධාර රුපියල් මිලියන 300ක් වශයෙන් යොදවයි.

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හෙට පැමිණෙන මුල්ම ගුවන් යානය පැමිණෙන්නේ ඉන්දියාවේ චෙන්නායි සිට වේ. ඒ් Alliance ගුවන් යානයකි. මංගල දූත කණ්ඩායම තිස් දෙනකුගෙන් සමන්විත වෙයි.

හෙට විවෘත කෙරෙන යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දෛනික ගුවන් මෙහෙයුම් නොවැම්බර් මාසයේ සිට ආරම්භවනු ඇත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යෝෂිත රාජපක්ෂ නැවත නාවික හමුදා සේවයට[VIDEO]

Mohamed Dilsad

කාන්තාවන් ලෙස සජිත් ප්‍රේමදාස ගැන ආඩම්බර වෙනවා [VIDEO]

Mohamed Dilsad

සමස්ත ලෝකයට ම ශාන්තිය උදා වේවා – ජනපතිගෙන් මහාශිව රාත්‍රී දිනයට සුබ පැතුම්

Mohamed Dilsad

Leave a Comment