ප්‍රමුඛ පුවත 1

මැතිවරණ පැමිණිලි ගණන ඉහළ යයි

මැතිවරණ කොමිෂන් සභාව පවසන ආකාරයට මේ වන විට ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 513ක් ලැබී තිබේ.

ඊට පසුගිය 08 වනදා සිට ඊයේ(13) දා දක්වා ,මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 485ක්, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 12ක් හා වෙනත් පැමිණිලි 16ක් ඇතුළත් වේ.

මැතිවරණ පැමිණිලි 54ක් ඊයේ පස්වරු 04.30න් අවසන් වු පැය 24 කාලය තුළ මැතිවරණ කොමිෂන් සභාව වෙත වාර්තා වී ඇත.

ඒ අතර මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 52ක්, ප්‍රචණ්ඩ ක්‍රියාවලට අදාළ පැමිණිලි 01ක් හා වෙනත් මැතිවරණ පැමිණිලි 01ක් බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ඌව විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු කල් දමයි

Mohamed Dilsad

සූරියවැවට ජාත්‍යන්තර තරඟ නොදෙන්නේ ඇයි? ක්‍රීඩා ඇමති කියන කතාව

Mohamed Dilsad

දෙමළ සන්ධානයේ මතය තහවුරු වේ

Mohamed Dilsad

Leave a Comment