කලා

Maleficent 2 මේ මස තිරයට

(UTV | කොළඹ) – හොලිවුඩයේ සුපිරි නිළි ඇන්ජලිනා ජොලි රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටය Maleficent: Mistress of Evil එළඹෙන 18 වැනිදා පටන් ලොව පුරා ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

මේ ෆැන්ටසි චිත්‍රපටය වෝල්ට් ඩිස්නි සමාගමේ නිෂ්පාදනයක් සහ යෝකිම් රොනින්ගේ අධ්‍යක්ෂණයකි.

මෙම සිනමාපටයේ හින්දි අනුවාදය සඳහා ඇන්ජලිනා ජොලිට හඬ කවනු ලබන්නේ සුපිරි බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායි විසිනි.

Maleficent: Mistress of Evil චිත්‍රපටය ඉංග්‍රීසි සහ හින්දි භාෂා දෙකින්ම ඉන්දියාව තුළ ප්‍රදර්ශනය කෙරෙන බව මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කරයි

Related posts

ජයලලිතාගේ ජීවිත කතාව ඇසුරෙන් කළ ‘තලවී’ 26 වැනිදා ප්‍රදර්ශනයට

Mohamed Dilsad

පොප් ගායිකා ජෙනිෆර් ලොෆේස්ගේ නවතම චිත්‍රපටය [PHOTOS]

Mohamed Dilsad

අලි ෆසල්ගේ මවගේ අභාවය හේතුවෙන් විවාහය කල් දමයි

Mohamed Dilsad

Leave a Comment