ප්‍රමුඛ පුවත 1

එජාපය හැර ගිය රැසක් යළි එක්වන ලකුණු

(UTV |කොළඹ)  – එක්සත් ජාතික පක්‍ෂය හැර ගිය රැසකගේ සහය දැන් එක්සත් ජාතික පක්ෂයට ලැබෙමින් තිබේ.

ඒ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කිරීමත් සමඟය.

පසුගියදා එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායකද ජනධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාසට සහය පල කිරීමට කැමැත්ත පල කළේය.

එසේම ඊයේ (26) දිනයේ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව සිටි හිටපු අමාත්‍ය උපාලි පියසෝම, යළි ‘සිරිකොත’ පක්ෂ මුලස්ථානයට පැමිණ එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස හමුවී ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට සක්‍රියව දායකවීමට එකඟත්වය පළකර ඇත.

මේ අනුව පෙනී යන්නේ පක්‍ෂය පිළිබඳ කලකිරී පක්‍ෂය හැර ගිය බොහෝ දෙනා යළි එක්සත් ජාතික පක්‍ෂය වටා එක්රොක් වන බවයි.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා විසින් එක්සත් ජාතික පක්‍ෂය හැර ගිය මැති ඇමතිවරුන් මෙන්ම පක්‍ෂයේ හිටපු  ක්‍රියාකාරීන් යළි ඒකරාශි කිරීමේ වගකීම ඔහු වෙත පවරා ඇත.

ඊට අදාල කමිටුව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාරගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුද්ගලයින් කණ්ඩායමකට එරෙහිව කිසි විට නීතිය ක්‍රියාත්මක නොකරන බව අධිකරණ ඇමතිනිය කියයි

Mohamed Dilsad

වී මිල ඉහල යයි. යල කන්නයේ සිට සම්බා 43යි නාඩු 40යි

Mohamed Dilsad

මහජන ආරක්ෂාවට හමුදාව යෙදවීම තවදුරටත් දීර්ඝ කරයි [GAZETTE]

Mohamed Dilsad

Leave a Comment