ප්‍රමුඛ පුවත 1

අද දිනයේත් ප්‍රදේශ රැසකට තද වැසි

(UTV |කොළඹ)  – දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින තද වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් හෙට(26) දින සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන් ද, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක පමණ තරමක් තද වර්ෂාපතනයන් ද ඇති විය හැක.

දිවයිනේ සෙසු පළාත්වල, විශේෂයෙන් සවස් කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය වර්ජනය තවදුරටත්

Mohamed Dilsad

වවුචර් ක්‍රමය ඉවතට සිසුන්ට යළි නිල ඇඳුම් රෙදි

Mohamed Dilsad

ඉදිරි ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත්වීම ස්ථිරයි – ජනපති කියයි

Mohamed Dilsad

Leave a Comment