ප්‍රමුඛ පුවත 1

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානීට එරෙහි නඩුව හෙටට කල් යයි

(UTV| කොළඹ) –  රුපියල් මිලියන 20 ක අල්ලස් ලබා ගැනීමේ චෝදනා එල්ල වන ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතාට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය හෙට දක්වා කල් දැමුණි.

අද(09) බස්නාහිර පළාත් බද පළමු ස්ථීර ත්‍රිපුද්ගල විනුසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවනු ලැබීය.

මෙම නඩුව අද(09) කැඳවනු ලැබුවේ සම්පත් අබේකෝන් , සම්පත් විජේරත්න , චම්පා ජානකි රාජරත්න යන විනිසුරු මඩුල්ල හමුවේදීය.

එහිදී අල්ලස් කොමිසම මගින් විත්තිකරුවන්ට එරෙහිව සංශෝධිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළා. විත්තියේ නීතිඥයින් කරුණු දක්වමින් අධිකරණය හමුවේ කියා සිටියේ අදාල චෝදනා පත්‍රය කියවා බලා නඩුවට සුදානම් වීමට දින අවශ්‍ය බවයි.

ඒ අනුව මෙම නඩුව හෙට දිනය දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළේය.

එමෙන්ම අද නඩුව කැදවු අවස්ථාවේ පැමිණිල්ලේ පළමු සාක්ෂිකරුවන අල්ලස් ලබා දුන් බව කියන ඉන්දිය ජාතිකයා අද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඔහුගේ ජංගම දුරකතන දෙකක් හෙට(10) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය.

අදාල ජංගම දුරකතන මගින් අල්ලස් මුදල ලබා දෙන තොරතුරු පටිගතකර ඇති බව වාර්තා වී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ධීවර අංශයේ අපනයන්ගෙන් හොඳ නිෂ්පාදනයන් ලබාදීමේදී ශ්‍රී ලංකාව පළමු තැනට….

Mohamed Dilsad

ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරු පිරිසකට උසස්වීම්

Mohamed Dilsad

විදේශීය සංචාරකයින් 10 කට බඹර ප්‍රහාරයක්…

Mohamed Dilsad

Leave a Comment