ප්‍රමුඛ පුවත 1

වැසි ඇද හැලුනත් ගංගා කිහිපයකම ජල මට්ටම සාමාන්‍යයි

(UTV | කොළඹ) –  මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණ තත්ත්වයක් පැවැතියත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා කිහිපයකම ජල මට්ටම සාමාන්‍ය බව ආපාදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනය අනුව කැළණි ගඟ, කලු ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ, මහැවැලි ගඟ ඇතුළු ගංඟා වල ජල මට්ටම සාමාන්‍ය තත්ත්වයක පවතී.

එමෙන්ම , කළු ගංඟාව මිල්ලකන්ද ප්‍රදේශයේදී අවධානය යොමුකළ යුතු තත්තවයක පැවැතියත් එම ජල මට්ටමද දැන් සාමාන්‍ය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

වතු කම්කරුවන්ට වැටුප් වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවේ.

Mohamed Dilsad

පාර්ලිමේන්තු කාරක සභාවට යන්නේ නෑ.

Mohamed Dilsad

අගමැති විදෙස් මහ කොමසාරිස්වරුන් තිදෙනෙකු මුණ ගැසෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment