ප්‍රමුඛ පුවත 1

පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේදී නීතිය ක්‍රියාත්මක කළයුතු ආකාරය පිළිබඳව නිවේදනයක්

(UTV| කොළඹ) – වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේදී නීතිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව සියළුම පොලිස් ස්ථාන දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් විසින් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේදී, අත්තනෝමතික හා නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනීම සඳහා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් මාර්ගෝපදේශ නිර්දේශ නිකුත් කර ඇති බව එමඟින් දැනුම් දී ඇත.

ඒ අනුව අත්අඩංගුවට ගැනීමක් සිදුකරන සෑම අවස්ථාවකම නිසි විමර්ශනයකට අනුව සාධාරණ සැකයක් ඇති කිරීම පිළිබඳව ස්ථිර සාක්ෂි තිබීම වැදගත් වෙයි.

එසේම, එක් එක් සංස්කෘතිය පදනම් කරගනිමින් ආගමික සංකේත හඳුනාගැනීම හෝ අන්‍ය භාෂාවකින් ලියා ඇති වදනක අන්තර්ගතයන් හඳුනා ගැනීම වැනි කරුණුවලදී ඒ පිළිබඳව විශේෂඥ මතයක් ලබාගත යුතුවේ.

මීට අමතරව රසායනික ද්‍රව්‍ය හෝ පරිගණක ලිපිගොනු, වීඩියෝ දර්ශන සහ ඒ හා සමාන දෑ හඳුනා ගැනීමේදීද ඒ පිළිබඳව විශේෂඥ මත ලබාගත යුතු බවට පොලිස්පතිවරයා පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබේ.

පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව එය සාධාරණීකරණය කිරීම සඳහා වැරදි සොයා යා යුතු නොවන බවටද වැඩබලන පොලිස්පතිවරයා සිය නිවේදනය මගින් දැනුම් දී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තුව තවත් ඉලක්කයක්ද?

Mohamed Dilsad

කෝටි 3ක වාලම්පුරුයක් සමඟ චීවරධාරියෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

මෝදර මහවත්ත ප්‍රදේශයේ භූ ගත ඉන්ධන නළ එලීම අද සිට

Mohamed Dilsad

Leave a Comment