ප්‍රමුඛ පුවත 1

රවී කරුණානායකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිමට නියෝග

(UTV| කොළඹ) – බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමේ සිද්ධියට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට අද සිට සති දෙකක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ රවී කරුණානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අසම්පූර්ණ ප්‍රකාශයක් ලබාදී ඇති බවත් ඉන් පසුව යළි කැඳවීම් සිදුකළද ඔහු ප්‍රකාශ ලබාදීම සඳහා නොපැමිණි බවත්ය.

මේ හේතුවෙන් අදාළ විමර්ශන අවසන් කිරීමේ හැකියාවක් නොමැති බවද මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිමුත් කරුණාරත්න පොලිස් ඇප මත මුදා හරී

Mohamed Dilsad

ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරු පිරිසකට උසස්වීම්

Mohamed Dilsad

මර්වින් සිල්වා නව පක්ෂයක් ඇරඹීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment