ප්‍රමුඛ පුවත 1

ඇමති ගාමිණී ජයවික්‍රම වෙනත් දිනක් ඉල්ලයි

(UTV| කොළඹ) – බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාට අද දිනයේ ජනාධිපති විමර්ශන කොමිසම් සභාව හමුවේ පෙනී සිටීමේ හැකියාවක් නොමැති බව එම කොමිසම වෙත දැනුම්දී ඇති බව වාර්තා වේ.

මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ සිදුව ඇති වංචා දුෂණ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාලව ප්‍රකාශයක් ලබාගැනීම සදහා අද දිනයේ රාජ්‍ය ආයතනවල වංචා දුෂණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසම් සභාව හමුවේ පෙනී සිටින ලෙස අමාත්‍යවරයාට දැනුම් දීමක් සිදුකර තිබුණි.

නමුත් ඔහුට අද දිනයේ පෙනී සිටීමේ හැකියාවක් නොමැති බවත් ඒ සදහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසත් ගාමිණි ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා ඉල්ලීමක් සිදුකර ඇති බව ජනාධිපති විමර්ශන කොමිසම් සභාව පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දක්ෂිණ අධිවේගයේ මාතර – හම්බන්තොට කොටස අද මධ්‍යම රාත්‍රියේ සිට ජනතාවට විවෘතයි

Mohamed Dilsad

කළුතර මාර්ග ජලයෙන් යට වෙයි

Mohamed Dilsad

එජාපය සහ චන්ද්‍රිකා අතර අවබෝධතා ගිවිසුමක් [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment