ප්‍රමුඛ පුවත 1

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත පිරිස උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හමුවෙයි

(UTV| කොළඹ) – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයින් පිරිසක් හා උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර සාකච්ජාවක් පැවැත්විණ.

යාපනයේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ඊයේ(09) මෙම සාකච්ජාව පවත්වා තිබේ.

මෙම සාකච්ඡාවේදී පළාතේ වර්තමාන තත්වය, යුද්ධයෙන් අවතැන්වූවන්ගේ ජන ජිවිත නඟා සිටුවීම හා පළාතේ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් සාකච්ජා කරනු ලැබීය.

එහිදී උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේ රජය සෑම අවස්ථාවකම උතුරේ ජනතාවගේ ජන ජිවිතය නංවාලීමට අවහ්‍ය සියළු සහයෝගය ලබාදෙන බවයි.

උතුරු පළාත තුළ ක්‍රියාත්මක වන සංවර්ධන කටයුතු හා ඒ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගය ලබාදෙන ලෙසටද ආණ්ඩුකාරවරයා ඉල්ලීම් කරනු ලැබීය.

සාකච්ජාවන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන රිකාඩෝ චෙලරි මහතා,හාන්ස් වේබර් මහතා ඇතුළු කණ්ඩායමක් එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර සබඳතා නව මානයකට

Mohamed Dilsad

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරමින් ජනපති ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා හමුවෙයි

Mohamed Dilsad

රජයේ මුද්‍රණාලයට පොලිසියෙන් ආරක්‍ෂාව

Mohamed Dilsad

Leave a Comment