ප්‍රමුඛ පුවත 1

මාකඳුරේ මධූෂ්ව ඇපමත මුදාහරින්නැයි ඔහුගේ නීතිඥයගෙන් ඉල්ලීමක්.

(UTV| කොළඹ) – අත්අඩංගුවේ පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මාකඳුරේ මධූෂ් ඇපමත මුදාහරින්නැයි ඔහුගේ නීතිඥවරයා කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ සිද්ධියට අදාළව නඩුව කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී මාකදුරේ මධූෂ්ගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවදායකයා දින 90 කට වැඩි කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින බවත් , එය නීතිවිරෝධී බැවින් ඔහුට ඇප ලබාදෙන ලෙසටත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඩුබායි අත්අඩංගුවේ සිටි මාකඳුරේ මධූෂ් පසුගිය මැයි මස 05 වැනිදා දිවයිනට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබුවා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත ඔහුව දින 90 කට රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෙසක් සැමරුම් ප්‍රදර්ශන අත්හිටුවයි.

Mohamed Dilsad

බදු රැසක් පහතට

Mohamed Dilsad

ඇලෝසියස්ගේ හා කසුන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

Mohamed Dilsad

Leave a Comment