ප්‍රමුඛ පුවත 1

කළගෙඩිහේන වෑන් රථයකට පහර දුන් සිද්ධියට අදාළ ගණිත දේශක දිනේෂ් නුවන් අමරතුංග රිමාන්ඩ්

(UTV| කොළඹ) – කොළඹ – නුවර මාර්ගයේ කළගෙඩිහේන ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් වෑන් රථයකට පහර දුන් සිද්ධියට අදාළව ගණිතය විෂය සඳහා අමතර පන්ති පවත්වන ගුරුවරයෙකු වන දිනේෂ් නුවන් අමරතුංග නැමැත්තා ඇතුළු අට දෙනෙක් අද (22) පෙරවරුවේ උසාවියට භාර වීමෙන් අනතුරුව ජූලි 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

අදාළ ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් වෑන් රථයකට ප්‍රභූ රථ ලෙස සැළකෙන ජීප් රථයකින් සහ ඩිෆෙන්ඩර් රථයකින් පැමිණ සිදු කළ පහර දීම සම්බන්ධව විමර්ශන ආරම්භ කරන ලෙස වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට පසුගියදා නියෝග කළේය.

පසුගිය 18 දින ප්‍රාඩෝ වර්ගයේ සුදු පැහැති ජිප් රථයක් සහ ඩිෆෙන්ඩර් රථයක ගමන් ගත් පිරිසක් විසින් මෙසේ වෑන් රථයකට පහර දී තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අපරාධ බුද්ධි තොරතුරු විශ්ලේෂණ මෘදුකාංගයක් ස්ථාපිත කරයි..

Mohamed Dilsad

ආණ්ඩුවේ තුන් වන කැබිනට් සංශෝධනය අද

Mohamed Dilsad

උත්සව සමයේ වැටලීම් වලින් බීමත් රියදුරන් 1,271කට නීතිමය පියවර

Mohamed Dilsad

Leave a Comment