ප්‍රමුඛ පුවත 1

විසඳුම් නොලැබුණොත් තැපැල් වෘත්තිය සමිති අඛණ්ඩ වර්ජනයක

(UTV | කොළඹ) –  තම ඉල්ලීම් නොලැබුණහොත් ඉදිරියේදී අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකිරීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැදවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියි.

අද (21) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක කාලයක් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තැපැල් වෘත්තීය සමිති තීරණය කිරීමත් සමග තැපැල්සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ.එච්.එම්. හලීම් වර්ජනයකට නොයන ලෙස වෘත්තීය සමිති වලින් ඉල්ලීමක් කළද , මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නතර නොකරන බව තැපැල් වෘත්තීය සමිති පවසයි.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැදවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ බඳවා ගැනීමේ පටිපාටි ක්‍රියාත්මක කිරීමට අදාළව ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සංදේශය සම්මත නොකිරීමට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බවයි.

Related posts

සිය අපේක්ෂකත්වය නැවත්වීමට පිරිසක් ක්‍රියා කළා – මහේෂ් [VIDEO]

Mohamed Dilsad

අලුගෝසු තනතුර සඳහා යළි අයැදුම්පත් කැඳවයි

Mohamed Dilsad

කසල තොගය යලි භාරගැනීම සම්බන්ධයෙන් සුබවාදී ප්‍රතිචාරයක්

Mohamed Dilsad

Leave a Comment