ප්‍රමුඛ පුවත 1

අයහපත් කාලගුණය නිසා මුලතිව් මාන්කුලමේ නිවාස වලට හානි

(UTV|මුලතිව්) –  ඊයේ(11) පස්වරුවේ මුලතිව්, මාන්කුලම ප්‍රදේශයට ඇතිවු වර්ෂාව සමඟ හටගත් සුළං තත්ත්වයක් හේතුවෙන් ප්‍රදේශයේ නිවාස රැසකට හානි සිදුව තිබේ.

මුලතිව් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ මාස ගණනාවක් උතුරු පළාතට බලපා තිබු දැඩි නියඟය හමාර කරමින් ඊයේ(12) දැඩි වර්ෂාවක් ඇදහැළුණු බවයි.

මෙහිදී මාන්කුලම ප්‍රදේශයේ නිවාස හා වගාවන් රැසක් සුළං තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්ව ඇත.

මාන්කුලම ප්‍රදේශයේ නිවාස 13 ක් ‍මෙහිදී හානියට පත්ව තිබේ.

මෙම නිවාස වල  වහළ කැඩී‍ ‍ගොස් ඇති අතර, තාවකාලික නිවාස කිහිපයක තහඩු ගැලවි ගොස් ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

හානියට පත් නිවාස වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හරහා සහන සේවාවන් ලබාදෙන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නැගෙනහිරට සහ ඌව පළාත්වලට විටින් විට වැසි

Mohamed Dilsad

ශ්‍රී ලංකා අධ්‍යාපන සුරක්ෂණ සේවාව නමින් ස්වාධීන ආයතනයක්

Mohamed Dilsad

INNOVATE SRI LANKA 2019 ප්‍රදර්ශනය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment