ප්‍රමුඛ පුවත 1

පාසැලේ ගසකට නැගි සිසුවාට වුණු දේ

(UTV|කුලියාපිටිය) -කුලියාපිටිය ප්‍රදේශයේ පාසලක කෘෂිකර්ම විෂය සඳහා අවශ්‍ය වූ ලී දඬු කැබැල්ලක් කපා ගැනීමට පාසල් භූමියේ පිහිටි ගසකට නැඟි සිසුවෙකුට අධිබලැති විදුලිය රැහැනක ගැටී තිබේ.

පසුව එම සිසුවා රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.

පාසල් භූමියේ පාත්තියක් සකස් කිරීම සඳහා ඉනි සිටවීමට ලී දඬු කැපීම සඳහා මන්නා පිහියක්ද අතැතිව වැටමාර ගසට නැඟ ඇති මෙම සිදුවා එහි අත්තක් කපා ගැනීමෙන් අනතුරුව විදුලි කම්බියේ ගැටී ඇත.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ කුලියාපිටිය, දියකලමුල්ල ශ්‍රීපතී විදුහලේ 10 වන ශ්‍රේණ්යේ ඉගෙනුම ලබන සිසුවෙකි.

මේ සම්බන්ධයෙන් විදුහලේ විදුහල්පතිවරයාගෙන් කළ විමසීමකදී  ඔහු පැවසුවේ එදින තමන් නිවාඩු ලබා සිටි බැවින් මෙම සිද්ධිය සැලවූ වහාම රෝහල වෙත පැමිණි බවයි.

මේ අනුව මෙම දරුවාට ගසට නගින ලෙස කවුරුන් විසින් හෝ උපදෙස් ලබාදුන්නාද එසේ නොමැති නම් මෙම සිසුවාගේ අවශ්‍යතාවයට ගසට නැග්ගාද යන්න පිළිබඳ වැඩිදුර සොයා බලන බව විදුහල්පතිවරයා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ නිලධාරීන් හට STF ආරක්ෂාව ලැබිලා

Mohamed Dilsad

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ලබන 15 වනදා සිට

Mohamed Dilsad

පැහැරගත් නැව මුදාගැනීමට කප්පම් මුදල් දීමටත් සුදානම්

Mohamed Dilsad

Leave a Comment