ප්‍රමුඛ පුවත 1

වසා දැමුනු මහනුවර රෝහලේ 65 වාට්ටුව යළි ඇරේ

(උදයම් , මහනුවර ) – A H1N1  රෝගය පැතිර යාම හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු වාට්ටුව මේ වන විට යළි විවෘත කර ඇති බව වාර්තාවේ .

අප කළ විමසීමකදී මහනුවර රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ අදාළ වාට්ටුව මේ වන විට සම්පූර්ණයෙන්ම ජීවානුහරණය කර ඇති බවයි.
පැය 48ක් තුළදී රෝගීන් තිදෙනෙකු මිය යාම හේතුවෙන් මෙම වාට්ටුව ඊයේ(11) දිනයේදී වසා දැමුණි.
කෙසේවෙතත් වාට්ටුව තුළට කුඩා දරුවන් රැගෙන ඒමෙන් වළකින ලෙසද අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

රෝහල් වාට්ටුව තුළ සීඝ්‍රයෙන් පැතිර ගිය A H1N1  වෛරසයක් හේතුවෙන් මෙම මරණ සිදු වී ඇති බව  අණාවරණය වී ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය.

Related posts

දුම්රියේ සිඟමන් තහනම්

Mohamed Dilsad

නව කැබිනට් සංශෝධනය ලබන 23 න් පසු

Mohamed Dilsad

ගාල්ල දිස්ත්‍රික්ක පුරා හෙට (03) සිට ඩෙංගු මර්දන වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment