ප්‍රමුඛ පුවත 1

මරණ දඬුවම නියම වූ පුද්ගලයින් හාරසියපනස්අට දෙනෙකු බන්ධනාගාරවල

(UTV| කොළඹ) –  මරණ දඬුවම නියම වූ පුද්ගලයින් 458 දෙනෙකු මෙරට බන්ධනාගාරවල සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඉන් 30කට වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය චෝදනාවන්ට වැරදිකරුවන් වූවන් බවද වාර්තාවේ.

අධිකරණය නියම කළ මරණ දඬුවමට එරෙහිව රැඳවියන් 720 දෙනෙකු අභියාචනා පෙත්සම් ගොනු කර ඇති බව ය.

අභියාචනා ගොනු කළ රැඳවියන් හැර, මත්ද්‍රව්‍ය චෝදනාවන්ට වරදකරුවන් වී මරණ දඬුවම නියමව සිටින රැඳවියන් සංඛ්‍යාව 18කි.

ඒ අතර කාන්තාවක ද වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

තවද මත්ද්‍රව්‍ය චෝදනාවලට වරදකරුවන් වී මරණ දඬුවම නියම වූවන් අතරට පාකිස්ථාන ජාතිකයින් සිව් දෙනෙකු ද ඇතුළත් බව සඳහන්.

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු වැරදිකරුවන් 4 දෙනෙකු එල්ලා මැරීමේ නියෝගයට තමා අත්සන් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ ප්‍රකාශ කළේ ය.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ 18 දෙනාගේ ලැයිස්තුවෙන් සිව් දෙනෙකුට එලෙස මරණ දඬුවම නියම වනු ඇත.

ඉදිරි සති දෙක තුළ මරණ දණ්ඩනය ක්‍රියාත්මක වන බව ද ජනාධිපතිවරයා ඊයේ සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහජන ආරක්ෂාව උදෙසා ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක් [GAZETTE]

Mohamed Dilsad

කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා ජනපති කොමිසමට කැඳවයි

Mohamed Dilsad

රවීගේ නිවස උඩින් ඩ්‍රෝන යැවු දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment