ප්‍රමුඛ පුවත 1

දුරකථන ඇමතුම් ලබාදී කප්පම් ඉල්ලු පිරිසක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – දුරකථන ඇමතුමකින් පුද්ගලයින් බියවද්දා කප්පම් මුදල් ලබා ගත් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනේ.

මිරිහාන විශේෂ ‍අපරාධ ‍මෙහෙයුම් ඒකකය විසින් සිදු කල විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

හංවැල්ල හා නවගමුව පොලිස් වසම්වල නිවෙස් වල ස්ථාවර දුරකථන අංකවලට ඇමතුම් ලබා දී  නිවැසියන්ගෙන් කප්පම් ලබා ගෙන ඇත.

පසුව කප්පම් මුදල් බැංකු ගිණුම්වලට හා ඉක්මන් මුදල් ලබා ගැනීමේ ක්‍රම මඟින් ලබා ගෙන ඇතැයි දීර්ඝ කාලයක් විමර්ශන පැවැත් වු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් දුරකථන අංක විශ්ලේෂණය කර මුදල් ලබා ගත් පුද්ගලයෙකු හා එයට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(24) සවස 2.15 ට පමණ මොවුන් අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 44 ක් හා 31 ක් වු පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

සැකකරුවන් අද(25) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ත්‍රිකුණාමලයේ තවත් ඩෙංගු මරණයක්,රෝග මර්ධනයට සහයකයින් 100 දෙනෙකු අද සිට

Mohamed Dilsad

දෙරටේ ආර්ථික,වෙළෙද,දේශපාලන සබඳතා තවදුරටත් ශක්තිමත් කරන බවට රුසියානු ජනපතිගෙන් පොරොන්දු

Mohamed Dilsad

ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය මුල්‍ය අර්බුධයක..

Mohamed Dilsad

Leave a Comment