ප්‍රමුඛ පුවත 1

මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් වැඩසටහන් 04 ක්

(UTV| කොළඹ) – ජනාධිපති ලේකම් කාර්යාලය සම්බන්ධ කරගත් මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් සමස්ත බන්ධනාගාර දෙපාර්තමේන්තු 30 ම ප්‍රධාන වැඩසටහන් 04 ක් ක්‍රියාත්මක කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ජේ.ඩබ්ලිව් තෙන්නකෝන් මහතා පැවසීය.

මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් ඵලදායී ලෙස රැදවියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද නිර්මාණාත්මකව චිත්‍ර, කවි පන්තියක් හෝ පද්‍යයක් නිර්මාණය කළ හැකි අයටද ඒ සඳහා අවස්ථා ලබාදෙන වැඩසටහනක් ද  ක්‍රියාත්මක කිරීමට සූදානම් කර ඇති බව බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළේය.

මීට අමතරව ජූනි 26 වන දින ජනාධිපති ලේකම් කාර්යාලය හා එක්ව කරන පා ගමනට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහය දෙන බවද ජූනි 30 වන දින බන්ධනාගාර දෙපාර්තමේන්තුව කිලෝ මීටර හතරක පා ගමනක් සූදානම් කර ඇති බවද තෙන්නකෝන් මහතා පැවැසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පරිපාලන සේවයේ නිළධාරීන් ඇතුළු විධායක දීමනා නිළධාරීන්ට දීමනාවක්

Mohamed Dilsad

රුවන්වැලි මහා සෑයේ නව චූඩා මාණික්‍යය මහජන ප්‍රදර්ශනයට

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් පරිශ්‍රය තුළ මාධ්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවයි

Mohamed Dilsad

Leave a Comment