ප්‍රමුඛ පුවත 1

මඩකලපුව විශ්ව විද්‍යාලයේ අවසන් වාර්තාව හෙට අමාත්‍ය මණ්ඩලයට

(UTV| කොළඹ) – මඩකලපුව , පෞද්ගලික විශ්වවිද්‍යාලය පිළිබඳ නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාව හෙට අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාව පැවසුවේ අදාළ වාර්තාව පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවයි.

මෙම විශ්වවිද්‍යාලයට මුදල් ප්‍රතිපාදන ලැබුණු ආකාරය මෙන්ම එහි ඉදිකිරීම් පිළිබද බරපතල ගැටළු පවතින  බව වාර්තාවේ.

ඒ නිසා මේ සම්බන්ධයෙන් සෞදි රජය ද සම්බන්ධ කරගනිමින් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ විමර්ශනයක් වහාම සිදුකළ යුතු බවට එම ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් නිර්දේශ කර තිබේ.

එම විමර්ශනය අවසන් වන තෙක් හදිසි නීතිය යටතේ අදාළ විශ්වවිද්‍යාලය සම්පූර්ණයෙන්ම රජයට පවරා ගන්නා ලෙස ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර තිබුණේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

25 වැනි ආසියානු කලාපීය සංසදයට සහභාගී වන මෙරට දුත පිරිස

Mohamed Dilsad

තාවකාලිකව වසා දැමු භික්ෂු විශ්වවිද්‍යාලය මැයි 20 වෙනිදා ආරම්භ කෙරේ.

Mohamed Dilsad

වතු කම්කරුවන් අද සිට අඛණ්ඩ විරෝධතාවයක

Mohamed Dilsad

Leave a Comment