ප්‍රමුඛ පුවත 1

වියළි කාලගුණයෙන් තුන් ලක්ෂ පනස්දහසක් පීඩාවට

(UTV| කොළඹ) – දිස්ත්‍රික්ක 5 කට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් පුද්ගලයින් තුන් ලක්ෂ පනස් දහසකට අධික පිරිසක් තවදුරටත් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ යාපනය, මුලතිව්, කිලිනොච්චි, වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්කවල ජනතාව එලෙස පීඩාවට පත්ව සිටින බවයි.

මේ අතර පවතින වැසි සමග දිස්ත්‍රික්ක 5ක පස් කඳු කඩාවැටීම් සහ ගල් පෙරලීමේ අවදානමක් පවතින බවට, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවයි.

එහි නායයාම් අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා ප්‍රකාශ කළේ, ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල එම අවදානම පවතින බවයි.

වැසි සමග ඇති විය හැකි පස් කඳු කඩාවැටීම් සහ ගල් පෙරළිම් වැනි ආපදා තත්ත්වයන් පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බව ද, ඔහු ප්‍රකාශ කළේ ය.

පවතින වැසි සමග එම අවදානම තවදුරටත් ඉහළ ගිය හොත්, ඒ පිළිබඳ නිකුත් කරන නිවේදන අනුව, ක්‍රියාත්මක වන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් වශයෙන් පිළිගෙන කටයුතු කල යුතුයි – ඇමති රවී

Mohamed Dilsad

ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය සඳහා ලබාගත් මහජන අදහස් ඇතුළත් වාර්තාව ජනපතිට

Mohamed Dilsad

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද රැස්වේ

Mohamed Dilsad

Leave a Comment