ප්‍රමුඛ පුවත 1

හක්බෙල්ලන් හාරදහසකට වැඩි ගණනක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(UTV|මන්නාරම)  – නීතිවිරෝධී ලෙස හක්බෙල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(18) තලෙයිමාන්නාරම ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගැනුණි.

ඔහු සන්තකයේ තිබී හක්බෙල්ලන් 4017 දෙනෙකු සොයා ගෙන ඇත.

දිනයේදී කැබ් රථයකින් තලෙයිමන්නාරමේ සිට පේසාලේ දක්වා හක්බෙල්ලන් 1645 ක් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ඔහුගේ නිවසේ තිබී තවත් හක්බෙල්ලන් 2372 දෙනෙකු සොයා ගත් බව නාවික හමුදාව පවසයි.

51 හැවිරිදි සැකකරු පේසාලේ ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර හක්බෙල්ලන් තොගය සමග ඔහු මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට භාර දුන් බවයි නාවික හමුදාව වැඩිදුරටත් සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඡන්දය ලබාදීමට ඇති කාලය දීර්ඝ වෙයි

Mohamed Dilsad

ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකුට ඩුබායිහිදී සිර දඩුවම්

Mohamed Dilsad

මන්නාරම් දිස්ති‍්‍රක් පරිසර සමුළුව ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment