ප්‍රමුඛ පුවත 1

ලංගම සේවකයින් පිරිසක් වර්ජනයක

(UTV| කොළඹ) – තමන්ගේ ඉල්ලීම්වලට විසඳුම් නොලැබීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ සිරිකොත මූලස්ථානය ඉදිරිපිට උපවාසයක නිරතවූ ලංකා ගමනාගමන මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ සේවකයන් ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කර තිබේ.

ලබාදී ඇති උසස්වීම්වලට අදාළ වැටුප් ලබාදෙන ලෙස පවසමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් පිරිසක් සිරිකොත පක්ෂ මුලස්ථානයේ ඉදිරිපිට පෙරේදා පස්වරුවේ සිට මෙම උපවාසය ආරම්භ කළේය.

අද (12) පෙරවරු 10 ට පැවැත්වෙන සාකච්ඡාවේදී විසඳුමක් නොලැබුණහොත් එය අඛණ්ඩ වර්ජනයක් දක්වා දැඩි කරන බව ලංගම ජාතික සේවක සංගමයේ සමුළු ලේකම් ධර්ම බණ්ඩාර කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කල්මුනේ ,චවලකඩේ සහ සමන්තුරේ යන ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය

Mohamed Dilsad

කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

Mohamed Dilsad

කඳුකරයේ මීදුම නිසා රියදුරන්ට දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment