ප්‍රමුඛ පුවත 1

අනතුරු අවම කිරීමේ අරමුණින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දීප්ති ප්‍රතිරෝද පුවරු සවිකෙරේ

(UTV | කොළඹ) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ රාත්‍රී කාලයේ ධාවනය කෙරෙන වාහනවල රියදුරන්ට, ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වන වාහනවල ප්‍රධාන විදුලි ලාම්පු ආලෝකය හේතුවෙන් සිදුවන අපහසුතාවය වළක්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීමට මෙහෙයුම් හා නඩත්තු අංශයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සදහන් කළේය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට මාතර දක්වා කිලෝමීටර් 126 ක කොටසේ ඉදිරියේදී මෙම පුවරු සවි කිරීමට නියමිත අතර , මාර්ගයේ මැද කොටසේ මෙම දීප්ති ප්‍රතිවිරෝධී පුවරු සවි කිරීමට තීරණය කර ඇත.

ෆයිබර් ග්ලාස් වලින් නිමවල ලද බට පුවරු තද කොළ පැහැයෙන් වර්ණ ගන්වා ඇති අතර එමගින් සිදුවන අනතුරු ද අවම කර ගත හැක.

Related posts

මන්ත්‍රි එස්.එම් චන්ද්‍රසේන මහතාගේ පුත්‍රයා පැදවූ රියේ ගැටී පුද්ගලයෙකු රෝහලේ

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් 505 දක්වා ඉහළට

Mohamed Dilsad

ව්‍යාජ වෙබ් අඩවි තම නමින් ප්‍රචාරය ක‍රන සියලු දෑ ප්‍රතික්ෂේප කරනවා – අගරදගුරුතුමා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment