ප්‍රමුඛ පුවත 1

දිවයිනේ සියලු සුරාසැල් වසා දමන්නැයි ඉල්ලීමක්

(UTV| කොළඹ) – රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ දිවයිනේ සියලු සුරාසැල් මේ මොහොතේ වසා දමන්නැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා සුරාබදු කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

පවතින තත්ත්වය හමුවේ පුද්ගලයින් බීමත්ව හැසිරීම ආරක්ෂක කටයුතු නිසි ආකාරයෙන් පවත්වා ගෙන යෑමට තර්ජනයක් වී ඇති බව ඔහු අද (03) ලිපියක් යොමුකරමින් පෙන්වා දී ඇත.

මෙම කාලසීමාව තුළ සුරාසැල් වසා තැබීම තුළින් තත්ත්වය පාලනය කිරීම සඳහා මනා පිටුවහලක් ලැබෙනු ඇතැයි ද , එබැවින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගෙන් මෛත්‍රී ගුණරත්න මහතා ඉල්ලා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල මූලික අයිතිවාසිකම් පෙත්සමේ කරුණු රැසක්

Mohamed Dilsad

අනුරාධපුර මහ රෝහලේ ලක්ෂ 64 කට ආසන්න මුදලක් ‌‌සොරා ගනී…

Mohamed Dilsad

Leave a Comment