ප්‍රමුඛ පුවත 1

මාස 3කට කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කෙරේ

(UTV| කොළඹ) – කුරුඳුවත්ත සහ බම්බලපිටිය පොලිස් බල ප්‍රදේශවල අද(01) සිට මාස 3ක කාලයක් මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලීසිය පවසයි.

මීට හේතුව වැසි ජලය බැස යාමට උමං මාර්ගයක් කැණීම බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

ඒ අනුව ගාලූ පාර, ග්ලෙන් ආබර් පෙදෙස, මුහුදු මාර්ගය දක්වා රථ වාහන ගමනාගමනය මෙලෙස සීමා කෙරෙනු අතර  විකල්ප මාර්ග ලෙස 8 වන පටුමඟ, හේග් පාර ඔස්සේ ගාලූ පාර දෙසට ගමන් කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියි.

මිට අමතරව ලබන 15 වන දා සිට සැප්තැම්බර් 15 වන දා දක්වා කාලය තුළ මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවතේ බෞද්ධාලෝක මාවත දෙස දක්වා පමණක් එක් දිශාවකට රථ වාහන ධාවනය කළ යුතු වේ

ඒ අනුව බෞද්ධාලෝක මාවතේ සිට මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාර්ගය දෙසට ගමන් කරන රථ වාහන බෞද්ධාලෝක මාවතෙන් තුම්මුල්ල හන්දිය, තර්ස්ටන් මාවතෙන් නැවත නිදහස් වට රවුම, පිලිප් ගුණවර්ධන මාවත දෙසට ගමන් කළ හැකි බව පොලීිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආනයනික පළතුරු වල පළිබෝධ නාශක නොමැති බව තහවුරු වේ…

Mohamed Dilsad

මිය ගොස් සිටි පොලිස් සැරයන්වරයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද

Mohamed Dilsad

ගෝඨාභයට එරෙහිව ඇමෙරිකානු අධිකරණයකට පැමිණිලි දහයක්

Mohamed Dilsad

Leave a Comment