ප්‍රමුඛ පුවත 1

ප්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද රැස්වේ

(UTV| කොළඹ)  – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ විශේෂ තේරීම් කාරක සභාව අද පෙරවරු 9 ට රැස්වීමට නියමිතය.

එම තේරීම් කාරක සභාව වෙත පළමු සාක්ෂිකරු ලෙස වෙත අද ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ කැඳවා ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

පෙරවරු 9 සිට පස්වරු 1 දක්වා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි විමසීමට නියමිතයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව පළමුවරට පසුගිය බ්‍රහස්පතින්දා රැස් වුණේය.

අද එහි දෙවන රැස්වීම පැවැත්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් ලක්ෂ 600 ක ආරක්ෂණ පද්ධතියක්

Mohamed Dilsad

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය 31 වනදා එළිදක්වයි

Mohamed Dilsad

වයඹ පළාතේ හෙද විෂමතාවය මඟහැරවීමට රජය සුදානම්

Mohamed Dilsad

Leave a Comment