ප්‍රමුඛ පුවත 1

ජනපති ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් හමුවීමට සුදානම්

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් හමුවීමට නියමිතය.

මෙහිදී සියලු ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් පොදු නීති පද්ධතියක් සකස් කිරීම සඳහා වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යෝජනාවලිය පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතය.

එසේම අද පැවැත්වෙන ආරක්ෂක කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවට මෙම යෝජනාවලිය ඉදිරිපත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

විවිධ ජාතීන්ට සහ විවිධ ආගම්වලට වෙන් වූ නීති පැවතීමෙන් උද්ගතව ඇති ගැටලු විසඳීම අරමුණු කර ගනිමින් එම යෝජනාවලිය ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් සහ අමාත්‍ය තිලක් මාරපන අතර හමුවක්.

Mohamed Dilsad

සමාජ ජාල පරිහරණයේදී වැඩි අවධානයකින් ක්‍රියා කරන්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Mohamed Dilsad

රුපියල් 50,000 සිට මිලියන 750ක් වන තෙක් ”එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” ණය ක්‍රමය තිබෙනවා – මුදල් රාජ්‍ය ඇමති කියයි

Mohamed Dilsad

Leave a Comment